FAST NEWS

24×7 Around the Globe

එජාප නායකත්වය සම්බන්ධ අර්බුදය දිග්ගැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරුන්ගෙන් පක්ෂ නායකත්ව අර්බුදයට යෝජනා කිහිපයක් ඉදිරිපත්වී තිබේ.

පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහටත් , ගොඩනගන නව සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටත්, ලබාදීමටයි යෝජනා මේ අනුව යෝජනා වී ඇති බව වාර්තා වේ.

පක්ෂ නායකත්වය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබා නොදෙන්නේ නම් ඔහුගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයක් ගොඩනගා එම සන්ධානයෙන් මන්ත්‍රීවරුන් සඳහා නාමයෝජනා ලබාදෙන පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ කියා සිටියේය.

ඊට එක්සත් ජාතික පක්ෂයටද සම්බන්ධ විය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.