FAST NEWS

24×7 Around the Globe

රන්ජන් අද විශේෂ පරීක්ෂාවකට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක කටහඩ පරීක්ෂාවක් සඳහා අද (23) රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය. 

ඒ, නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා පසුගියදා ලබාදුන් නියෝගයකට අනුවයි.

දැඩි කතාබහට ලක්වූ දුරකථන සංවාද සිද්ධියට අදාළව රංජන් රාමනායක මහතා මෙලෙස කටහඩ පරීක්ෂණයකට යොමු කෙරෙනු ඇත.

මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී පසුගියදා සොයාගත් දෘඪ තැටි, සංයුක්ත තැටි, ගිනි අවිය සහ ජීව පතොරොම් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පසුගිය 09 වනදා භාර දී තිබුණි.

අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාව මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය.