FAST NEWS

24×7 Around the Globe

මහජන ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවිමට ගැසට් නිවේදනයක් [Gazette]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරිවල යෙදවීම තවත් මසකින් දීර්ඝ කරමින් නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාවේ සියළු සාමාජිකයින් යෙදවීමට අදාලව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අද (22) සිට බලපැවැත්වෙන පරිදි අදාල විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති බව සදහන්.

ඒ, පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව රටේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රජය ගෙන ඇති ආරක්ෂක ක්‍රියාදාමයේ දිගුවක් ලෙසින්.

ඒ අනුව කොළඹ,ගම්පහ, කළුතර,නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මන්නාරම, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලයහා පුත්තලම යන පරිපාලන දිස්ත්‍රික්ක සහ ඒ යාබද දේශීය වෙරළ තීර ඇතුළු නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශවල ආරක්ෂාව සදහා මෙලෙස සන්නද්ධ හමුදා සාමාජිකයින් යොදවන බව අදාල ගැසට් නිවේදනයේ සදහන් වේ.

මීට අමතරව මහනුවර, මාතලේ, කිළිනොච්චිය, වව්නියාව, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව,බදුල්ල, මොණරාගල, රත්නපුර හා කෑගල්ල යන පරිපාලන දිස්ත්‍රික්ක ද මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශ ද මීට අයත් බව වැඩිදුරටත් සදහන් වේ.