FAST NEWS

24×7 Around the Globe

2020 ට අදාළ පෙළ පොත් පාසල්වලට බෙදා අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 වර්ෂයට අදාළ පෙළ පොත් මේ වනවිට රජයේ සියලු පාසල්වලට බෙදා අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

තවද කොට්ඨාස හා පර්ෂද පාසල්වල පොත් බෙදා දීම ද අවසන් අදියරෙහි පවතින බව එම අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයක දැක්වේ .

යම් පාසලක පෙළපොත් හිගයක් පවතී නම් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ බෙදාහැරීම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා (ලාල් චන්ද්‍රසිරි මහතා – 0112785306) අමතන ලෙස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.