FAST NEWS

24×7 Around the Globe

එජාප ආසන සංවිධායකවරු සජිත් සමඟ විශේෂ සාකච්ඡාවක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා අද (21) එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 10 ට මෙම සාකච්ඡාව ආරම්භ වීමට නියමිතයි.

මහ මැතිවරණ සංවිධායක කටයුතු ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන් මෙහිදී දැනුවත් කෙරේ.