(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කාසල්රී ජලාශ රක්‍ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.
එහි වනරාජා වත්ත ප්‍රදේශයේ ජලාශය මායිමේ කිසියම් පිරිසක් විසින් තැබූ ගින්නක් රක්‍ෂිතය පුරා පැතිර ගොස් ඇති අතර , ඉන් අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇත.
වනරාජා වත්තේ වතු කම්කරු නිවාසවලට පානීය ජලය ලබාගැනීම සදහා එලා තිබූ ජල නලද ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.








