FAST NEWS

24×7 Around the Globe

අනුරට එරෙහි නඩුව යළි කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අදාලව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව ලබන මාර්තු 02 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අද (16) නියෝග කළේය.

ඔහු නියෝග කළේ පැමිණිල්ල හා විත්තිය වෙනුවෙන් කැදවීමට අපේක්ෂා කරන සාක්ෂිකරුවන්ගේ නාම ලේඛන ඉදිරි සති 2 තුල අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.