FAST NEWS

24×7 Around the Globe

සජින්ද වාස් ​බරපතල මුදල් ඇපයක් මත නිදහස්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින්ද වාස්ගුණවර්ධන මහතාට අද කොළඹ මහාධිකරණය ඇප නියම කළේ ය.

ඒ වාස් ගුණවර්ධන මහතා ගොනු කළ ඇප අයදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුව ය.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන කිහිපයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත සජින් ද වාස් ගුණවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත ය.

අද ඔහුට රුපියල් ලක්ෂ 200 ශරීර ඇපයක් හා මුදලින් රුපියල් ලක්ෂ 10 ක ඇප නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා සෑම මසක ම අවසන් ඉරිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ද ඔහුට නියෝග කළේ ය.

සාක්ෂිකරුවන්ට බලපෑම් කළ හොත් යළි අත්අඩංගුවට ගන්නා ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.