FAST NEWS

24×7 Around the Globe

රන් භාණ්ඩ අලෙවිසැළක් කොල්ලකෑ පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලීසිය විසින් රත්මලාන – බෙලෙක්කඬේ හන්දියේ පිහිටි රන් භාණ්ඩ අලෙවිසැළකින් රුපියල් විසි එක්ලක්ෂයකට අධික රන් භාණ්ඩ කොල්ලකෑ අටදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වෙළඳසැලට පසුගිය 13 වනදා ඇතුලුවූ පුද්ගලයින් හයදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අවි ආයුධ පෙන්වා එහි සේවකයින් බියගන්වා මෙම කොල්ලකෑම සිදුකර ඇත.

පසුව සැකකරුවන් ඊයේ (15) ගල්කිස්ස පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන් සහ මොරටුමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී කොල්ලකන ලද රන් භාණ්ඩ සහ ආයුධ සමඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අවුරුදු 18 සහ 27 අතර වයස්වල පසුවන රත්මලාන, අම්බලන්ගොඩ සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.