FAST NEWS

24×7 Around the Globe

අස්ථානගත වූ දුරකථන ගැන පැමිණිලි කිරීමට නව ක්‍රමවේදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිසිය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව එක්ව අස්ථානගත වූ දුරකථන සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීම සඳහා පහසු ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

අන්තර්ජාලය ඔස්සේ නව ක්‍රමවේදය අනුව යම් පුද්ගලයෙකුගේ දුරකථනය අස්ථාන ගතවුවහොත් ඒ සම්බන්ධයෙන් පොලිසියට ගොස් පැමිණිලි කිරීම වෙනුවට ඊට අදාළ පැමිණිල්ල සිදුකිරීමට අදාල පුද්ගලයාට හැකියාව ලබා දී ඇත.

www.ineed.police.lk/ යන වෙබ් අඩවිය ඔස්සේ අදාළ පැමිණිල්ල සිදුකර ගත හැකි අතර එම ක්‍රියා පටිපාටිය සිදුකළ යුතු අයුරු දැක්වෙන දැනුවත් කෙරෙන වීඩියෝ පටයක් ද එම වෙබ් අඩවියේ දක්වා තිබේ.