FAST NEWS

24×7 Around the Globe

නවක වදය නිසා හැරගිය අයට නැවතත් සරසවි වරම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නවක වදය හේතුවෙන් සරසවි හැර ගිය සිසුන්ට යළිත් සරසවි වරම් හිමිකර දීම වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

2020 වසර නවක වදය වැළැක්වීමේ වසර ලෙස ප්‍රකාශයට පත්කරන බව මේ වසරේදී නවක වදය ක්‍රියාත්මක කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් එම නවක වද පනතේ ඇති විධි විධාන අකුරටම ක්‍රියාත්මක කිරීමට පොලීසියට හා අධිකරණ ක්ෂේත්‍රය ක්‍රියාත්මක කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙහිදී කොමිෂමක් පත්කර සාධාරණ විභාගයකින් අනතුරුව ඔවුන්ට නැවතත් විශ්වවිද්‍යාල වරම් ලබාදීමට කටයුතු කරන බවත් එහිදී ඔහු සිටි විශ්වවිද්‍යාලය හෝ වෙනත් විශ්වවිද්‍යාලයක් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.