FAST NEWS

24×7 Around the Globe

අගමැති චීන විදෙස් ඇමති හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා ඊයේ (14) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

මොහු දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇත.

මෙහිදී ආර්ථික හා දේශපාලනික යන දෙඅංශයෙන්ම රටවල් දෙකට වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර සිටියේ යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනය, තොරතුරු තාක්‍ෂණය සහ බලශක්තිය ආදී ක්ෂේත්‍ර පිළිබඳ ආර්ථික සහයෝගිතාවය සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන අංශ වූ බවයි.