FAST NEWS

24×7 Around the Globe

බුද්ධි අංශ නියාමන නව පනතකට කැබිනට් අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කැබිනට් අනුමැතිය , ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් සියලු බුද්ධි ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි බුද්ධි අංශ නියාමනය කිරීමේ හා බලගැන්වීමේ පනතක් හඳුන්වා දීමට හිමිව තිබේ.

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අද (15) කොළඹ පැවැත් වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසීය.

ජාතික ආරක්ෂාවට බලපෑම් සිදු කරන ක්‍රියාකාරකම් පුරෝකථනය කර ඒවා වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හා ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බුද්ධි ආයතන සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

ඒ අනුව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය හා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.