FAST NEWS

24×7 Around the Globe

විශ්ව විද්‍යාල සඳහා මෙම වසරට හතලිස් දහසක් බඳවා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට මේ වසරේ හතලිස් දහසක් බදවාගැනීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කර තිබේ.

භෞතික සහ මානව සම්පත් පුළුල් කිරීමෙන් පසු වැඩි පිරිසක් විශ්ව විද්‍යාලවලට බදවාගත හැකි බවත් තවත් උසස් අධ්‍යාපන ආයතන කිහිපයක් විශ්ව විද්‍යාල බවට උසස් කරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ පැවති වැඩසටහනට එක්වෙමිනි.