FAST NEWS

24×7 Around the Globe

යුරෝපා සංගමය තුළ එල්.ටී.ටී.ඊ තහනම දීර්ඝ වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යුරෝපා සංගමය තුළ තවදුරටත් එල්.ටී.ටී.ඊ. තහනම් සංවිධානයක් ලෙස නම් කර ඇත.

එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කරමින් තවත් ත්‍රස්ත සංවිධාන 21 ක් සහ පුද්ගලයන් 15 දෙනෙකුද ත්‍රස්ත හිතවාදී පාර්ශව ලෙස ප්‍රකාශයට පත් කිරීමට යුරෝපා සංගමය කටයුතු කර තිබේ.

මෙලෙස යුරෝපා සංගමයේ ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් වන පුද්ගලයන් සහ සංවිධානවල අරමුදල් හා වත්කම් යුරෝපා සංගමය තුළ තහනම් වන අතර ඔවුන් එම පියවර ගෙන ඇත්තේ ත්‍රස්තවාදය මැඬලීම සඳහා වන යුරෝපා සංගමයේ ක්‍රියාමාර්ගවලට අනුකූලවයි.