FAST NEWS

24×7 Around the Globe

මෙරට ගෝණුස්සන් 200 ක් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට ගෝනුස්සන් 200 ක් නීතිවිරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට තැත් කළ , චීන ජාතිකයෙකු අද (13) කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසුවේ වයස අවුරුදු 30ක් වූ මොහු යූ.එල්. 880 දරණ ශ්‍රී ලන්කන් යානයෙන් අද පස්වරු 1.50ට චීනයේ ගුවන්ෂු වෙත යාම සඳහා පැමිණ සිටි බවයි.

රටින් පිට කිරීමට තහනම් මෙම ගෝනුස්සන් තොගය සොයාගෙන ඇත්තේ රේගු නිලධාරීන් විසින් ඔහුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදියි.

මෙම ගෝනුස්සන් ශ්‍රී ලංකාවේ වන ජීවී හා වෘක්ෂලතා ආඥාපනත යටතේ විදේශයන් වෙත රැගෙන යෑම නීතිවිරෝධී වේ.