එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාව ඉවත දමන ලෙසත් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට කළ අවමානය හා අපකීර්තිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් සමාව ගත යුතු යැයි එම සංවිධානයට නියෝග කරන්නැයි ඉල්ලා දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකර මහතා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළේය.







