FAST NEWS

24×7 Around the Globe

අසර්බයිජාන් ගින්නට හසුවූ ලාංකික සිසුවියන්ගේ මරණ පරීක්ෂණ අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පසුගියදා අසර්බයිජානයේදී ගින්නකින් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනාගේ මෘත ශරීර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ බකු අගනුවර රෝහලකදී අවසන් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මේ අනුව මළ සිරුරු කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකෙරමින් ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව සිසුවියන්ගේ සිරුරු මෙරටට ගෙන්වීමට රුපියල් ලක්ෂ 15 ක් ලබාදෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දෙමාපියන් වෙත ප්‍රකාශ කර ඇත.