FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඬුවම නියම වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙරොයින් ජාවාරමට වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (13) මරණ දඬුවම නියම කළේය.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මෙලෙස මරණ දඬුවම නියමවූයේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙකුටයි.

හෙරොයින් ග්‍රෑම් 13. 2 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබු අතර 2016 වසරේ අගෝස්තු 22 වනදා ඔහුව මාලිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.