FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (13) පෙරවරුවේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.  

පාර්ලිමේන්තුවේ අහෝසිවී තිබෙන කාරක සභා සඳහා සාමාජිකයින් පත්කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග පාර්ලිමේන්තු පොදු ව්‍යාපාරික කාරක සභාව, මුදල් කාරක සභාව, ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා 10 ක් අහෝසි විය.

ඒ අනුව කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීමට අද දිනයේදී සාකච්ජා කෙරෙනු ඇති බව වාර්තා වෙයි.