FAST NEWS

24×7 Around the Globe

රජිනිකාන්ත් ශ්‍රී ලංකාවේ සංචාරයකට සුදානම්

(ෆාස්ට් නිව්ස් |ඉන්දියාව) – දකුණු ඉන්දීය විශිෂ්ඨ නලු රජිනිකාන්ත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. 

ඒ උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් කළ ආරාධනයකට අනුවය.

මේ වන විට ඉන්දිය සංචාරයක නිරත උතුරු පළාත් හිටපු මහ ඇමති විග්නේෂ්වරන් රජිනිකාන්ත්ව ඔහුගේ නිවසේදී හමුව තිබේ.

එහිදී මෙරට දමිළ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා වී ඇත.