FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාළිගාවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරන ආකාරයට මාළිගාවත්ත පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදී මෙම සැකකරුවන් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.

එක් සැකකරුවෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 80 ක් සහ අනෙක් සැකකරු ලඟ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 310 ක් සොයාගෙන තිබේ.