FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් සිසුන් 13 දක්වා රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –කොළඹ විශ්වවිද්‍යාලයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනා එළඹෙන  13 වනදා දක්වා රක්ෂිත බනධනාගාරගත කිරීමට නියෝගකර ඇත.

එම සිසුන් අද (11) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමේන් අනතුරුවයි.

පසුගිය 08 වනදා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙක් ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

ඔවුන් දෙදෙනා මේ වන විටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.