FAST NEWS

24×7 Around the Globe

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනා අද අධිකරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ විශ්වවිද්‍යාලයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනා අද (11) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

එම විශ්ව විද්‍යාලයේ පසුගිය 08 වනදා සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

අදාල ගැටුම සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකදී සිද්ධියට අදාලව සිසුන් 12 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.