FAST NEWS

24×7 Around the Globe

තියුණු ආයුධ පහර දීමකින් අයෙක් මරුට දෙදෙනෙක් රෝහලේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

ඊයේ(08) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් තිදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී ඇති බව පොලිසිය පවසයි.

මෙහිදී එක් පුද්ගලයෙකු මිය ගොස තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත.

මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මත පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෘත දේහය කළුබෝවිල රෝහලේ තැම්පත් කර ඇති අතර තුවාලකරුවන්ද කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඒ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩි දුර පරීක්‍ෂණ පවත්වයි.