FAST NEWS

24×7 Around the Globe

පිල්ලෙයාන් යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මඩකලපුව මහේස්ත්‍රාත් එම්. ඉසදීන් විසින් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන පෙබරවාරි 6 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මඩකලපුව ශුද්ධ වූ මරියා දේවස්ථානයේ 2015 වසරේ දෙසැම්බර් 25 වනදා නත්තල් දිව්‍ය පූජාවේ යෙදෙමින් සිටි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් ඇතුලු හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.