FAST NEWS

24×7 Around the Globe

නිල ඇදුම් වවුචර්පත් බෙදා දීම අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් තිළිණපත් බෙදාදීම අද (08) සිට ආරම්භ වේ.

රජය මෙවර නිල ඇඳුම් තිළිණ පත් ලක්ෂ 42 ක් වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2900 ක් වන අතර අදාළ තිළිණපත් රුපියල් 440 සිට 1800 දක්වා වටිනාකම් කාණ්ඩ 11 කින් සමන්විතයි.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන ආකාරයට නිල ඇඳුම්වලට අමතරව දුෂ්කර සහ අතිදුෂ්කර පාසල් ලෙස හඳුනාගෙන ඇති පාසල්වල දරුවන් සඳහා පාවහන් ලබාදීම වෙනුවෙන් තිළිණපත් ලක්ෂ 7 ක්ද බෙදා දී තිබේ.