FAST NEWS

24×7 Around the Globe

ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා වන කල්තැබීමේ විවාදයේ දෙවන දිනය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා වන කල්තැබීමේ විවාදයේ දෙවන දිනය අදයි(08).

පසුගිය 3 වනදා ජනාධිපතිවරයා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට එදින රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී එකඟ වූ අතර කල්තැබීමේ විවාදය ඊයේ(07) දිනයේ ආරම්භ විය.

ඒ අනුව අද පස්වරු 01.00 ට පාර්ලිමේන්තුව රැස් වේ.