FAST NEWS

24×7 Around the Globe

මෝටර් වාහන හිඟ ගාස්තු ගෙවීමට දුන් කාලය දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතේ මෝටර් වාහන හිඟ ගාස්තු සහ ආදායම් බලපත්‍ර හිඟ ගාස්තු ගෙවීමට දුන් සහන කාලය දීර්ඝ කර තිබේ.

බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ මෙම කාලසීමාව බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොලගේ අනුමැතිය යටතේ මැයි මස 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි.