FAST NEWS

24×7 Around the Globe

පෘථවිය සූර්යයාට ළංවේ – උණුසුමත් දැඩි වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දිනවල පෘථවිය සූර්යයාට ඉතා ආසන්නව පවතින බවත් , ඒ හේතුවෙන් මේ දිනවල අධික උණුසුමක් සහ දැඩි පිපාසයක් දැනෙනු ඇති බව බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමයේ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසයි. 

පවතින අධික උණුසුම් තත්ත්වය හමුවේ අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රජා වෛද්‍ය ලේඛකාධිකාරී වෛද්‍ය නවීන් ද සොයිසා කියා සිටියේ වැඩිපුර ජලය පානය කිරීම සහ හිරු එලියට වැඩි වේලාවක් නිරාවරණය නොවන සේ සිටින ලෙසටයි.