FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර වෝහාරික විගණන වාර්තා දිය නොහැකියි – කථානායක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහ බැංකු බැඳුම්කර ගණුදෙනු විමර්ශනය සම්බන්ධ වෝහාරික විගණන වාර්තා මෙම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දිය නොහැකි බව කථානායක කරූ ජයසූරිය මහතා සභාව ආරම්භයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කථානායකවරයා පැවසුවේ නීතිපති උපදෙස් මත එලෙස කටයුතු සිදුකිරීමට සිදුවන බවයි.

බැඳුම්කර ගණුදෙනු සම්බන්ධයෙන් තවදුරටත් නීතිමය කටයුතු සිදුවීම ඊට හේතුව ලෙසට නීතිපතිවරයා විසින් දැනුම් දී තිබේ.