FAST NEWS

24×7 Around the Globe

විදේශ අමාත්‍යගේ පළමු නිල සංචාරය ඉන්දියාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 09 වනදා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

එහිදී අමාත්‍යවරයා එරට ඉහළ පෙලේ නියෝජිතයින් සමඟද සාකච්ඡා කිරීමට නියමිත අතර ඔහු සිය අමාත්‍ය ධුරය ලබා ගැනීමෙන් අනතුරුව සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වීම විශේෂත්වයක්.