(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංගප්පූරු රජයේ අභ්‍යන්තර කටයුතු සහ නීතිය පිළිබඳ අමාත්‍ය කේ.ෂන්මුගම් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද (06) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
එතුමා සමග එරට එම අමාත්‍යාංශ වල උසස් නිලධාරීන් පස් දෙනෙකු ද දූත පිරිස ලෙස පැමිණ සිටියහ.
මෙම පිරිස අද දින සවස 4.30 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.








