FAST NEWS

24×7 Around the Globe

පූජිත් – හේමසිරි යළිත් රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ,මිනීමැරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ලබන 22 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.


(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අද (06) දිනයේ යළිත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීමට කටයුතු නොකිරීම සැකකරුවන්ට එරෙහිව එල්ලවන චෝදනාවයි.

අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදී විභාගයට ගැනීමට නියමිතව ඇත.