FAST NEWS

24×7 Around the Globe

මහරගම අවට ප්‍රදේශ කීපයකට හෙට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (07) පෙරවරු 9.00 සිට පසුදින (28) පෙරවරු 9.00 දක්වා පැය 24 ක කාලයක් මහරගම හා තවත් ප්‍රදේශ කීපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. 

ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ හා පාදුක්ක යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

කළටුවාව සිට මහරගම දක්වා ජලය සැපයෙන ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.