FAST NEWS

24×7 Around the Globe

හපුතලේ ගුවන් අනතුර සම්බධයෙන් රජයේ රසපරීක්ෂණ ඇරඹේ.

(ෆාස්ට් නිව්ස් | හපුතලේ ) – හපුතලේ ප්‍රදේශයේදී සිදුවු ගුවන් අනතුර සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා පරීක්‍ෂණ පවත්වයි.

රජයේ රස පරීක්ෂකවරයා අද අනතුර සිදුවූ ස්ථානය නිරීක්ෂණය කළේය.

අනතුරින් මිය ගිය පිරිසගේ සිරුරු ඊයේ රාත්‍රියේ එම ස්ථානයෙන් ඉවත් කෙරුණු අතර ඊට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය.

මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ මෘත ශරිර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරික්ෂණය බදුල්ල මහ රෝහලේ සිදු කෙරෙනු ඇත.

ඊයේ උදෑසන 9.15 ට පමණ  හපුතලේ තම්බපිල්ල මාවත, අයිස් පිල්ල ප්‍රදේශයට ගුවන් හමුදාවට අයත් Y 12 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටුණි.

ගුවන් අනතුරින් එහි ගමන්කළ සිව්දෙනෙකු මියගියේය.