FAST NEWS

24×7 Around the Globe

බස් රථ අනතුරෙන් 8 දෙනෙකු රෝහලේ

(ෆාස්ට් නිව්ස් |අනුරාධපුරය ) – ගිරාදුරුකෝට්ටේ , බතලයාය ජල ටැංකිය අසලදී  ටිපර් රථයක් සහ බස්  රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් 8 දෙනෙක් තුවාල ලබයි.

මෙම තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට ඇතුලත් කර ඇත.

ටිපර් රථය දකුණට හැර වීමත් සමග අධික වේගයෙන් ඊට පිටුපසින් ධාවනය වු මගී බස් රථය වේගය පාලනය කරගත නොහැකි වීම නිසා ටිපර් රථයේ ගැටී වාහන දෙකම ඉදිරියට ඇදී ගොස් මාවත අසල තිබූ බස්මගී ආවරණද කඩා බිද ගෙන ඉදිරියට ඇදිගොස් නැවතී තිබේ.

රෝහලට ඇතුලත්කල අය අතර ටිපර් රථයේ රියැදුරු හා බස්රථයේ කොන්දොස්තරවරයාද වන බව  පොලිසිය පවසයි.