FAST NEWS

24×7 Around the Globe

දුම්වැටි තොගයක් රේගු දැලේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ.

අද අලූයම ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

අබුඩාබි සිට පැමිණි මෙම පුද්ගලයන් දෙදෙනා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී දුම්වැටි 59,600ක් රේගු නිලධාරීන්ගේ භාරයට ගත අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 35කට අධික බව රේගු නිලධාරීන් පවසයි.