FAST NEWS

24×7 Around the Globe

අඹතලේ මාර්ගය තාවකාලිකව වැසෙයි

(ෆාස්ට් නිව්ස් | අඹතලය) – අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, අඹතලේ මාර්ගය හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින වසා දැමෙන බව පොලිසිය පවසයි. 

ඒ අනුව අදාළ දිනවල පැය 07ක කාලයක් එම මාර්ගය වසා තැබෙනු ඇත.

අඹතලේ මාර්ගයේ පිහිටි බුත්ගමුව යකඩ පාලමේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් අදාළ මාර්ගය වසා තැබෙන බවට මාර්ග සංවර්ධන අධිකාරීය විසින් දැනුම්දී තිබේ.

ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින තුළ රාත්‍රි 10.00 සිට අළුයම 05.00 දක්වා එම මාර්ගය වසා තැබෙයි.