FAST NEWS

24×7 Around the Globe

ශුද්ධෝත්තම පාප් වහන්සේ ෆිදෙල් කැස්ත්‍රෝ හමුවේ.

කියුබාවේ සංචාරයක නිරත වන පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ කියුබාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ෆිදෙල් කැස්ත්‍රෝ මහතා හමු වූ බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. දස දහස් ගණනක ජනතාවගේ සහභාගීත්වයෙන් හවානා නගරයෙහි පැවති දිව්‍ය පූජාවෙන් අනතුරුව මෙම නිල නොවන මිතුරු හමුව සිදු වී ඇත.

පාප්වහන්සේ සහ කැස්ත්‍රෝ මහතා අතර ලෝක කටයුතු සහ ආගමික කටයුතු පිළිබඳව සාකච්ඡාවක් පැවති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කොමියුනිස්ට් පාලනය යටතේ පවතින දිවයිනක සංචාරයේ නිරත වූ පළමු අවස්ථාව ද මෙය වේ. පාප් වහන්සේ කියුබාවට පැමිණියේ එක්සත් ජනපදයේ නිල සංචාරයකට යන අතරතුර යි.

මීට පෙර දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ සහ බෙනඩික් පාප් වහන්සේ ද කියුබාවේ සංචාරය කළහ.