FAST NEWS

24×7 Around the Globe

අධික ශබ්දයෙන් නලා නාද කරන්නන්ට නීතිය දැඩිවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බස් රථවල අධික ශබ්දයෙන් යුත් නලා නාද කරන රියැදුරන්ට එරෙහිව මෝටර් රථ ප්‍රවාහණ පණතේ හා ජාතික පරිසර පණතේ වගන්ති අනුව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහණ කළමණකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමේ නිළධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

ජාතික පරිසර පණතේ දක්වා ඇති පරිදි වාහන නළා හඩ නිකුත් කිරීම දුර අනුව , වාහනය නිශ්චලව ඇති විට හා එන්ජිම ක්‍රියාත්මක කර ඇති විට වාහනයේ ඉදිරිපස සිට විවෘත අවකාශයේ මීටර් 02 ක් තුල ශබ්ද පීඩන මට්ටම ඩෙසිබල් 105 ක් ලෙස සටහන් විය යුතුයි.

එසේම , වාහනය නිශ්චලව ඇතිවිට හා එන්ජිම ක්‍රියාත්මක කර ඇතිවිට වාහනයේ ඉදිරිපස සිට විවෘත අවකාශයේ මීටර් 07 ක් තුල ඩෙසිබල් 93 ක් ලෙස සදහන් විය යුතුය.

මගී ප්‍රවාහණ බස් රථ වල භාවිත කෙරෙන නළා කිසිදු ප්‍රමිතියකින් තොරව භාවිත කරන බවට වන පැමිණිලි රැසක් ලැබී ඇති බව ප්‍රවාහණ අමාත්‍යාංශය සදහන් කළේය.