FAST NEWS

24×7 Around the Globe

හපුතලයට කඩා වැටුනු යානය ගුවන් හමුදා යානයක් – 4 ක් මරුට [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | හපුතලය) –  අද පෙරවරුවේ හපුතලේ නගරයට කඩාවැටී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ආවේක්ෂණ ගුවන් යානයක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහවුරු කර තිබේ. 

යානයේ ගමන්ගත් ගුවන් හමුදා සෙබලුන් 04 දෙනෙකු මියගොස් ඇති අතර , සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා කියා සිටියේය.

පෙරවරු 09. 15 ට පමණ මෙලෙස කඩා වැටීමකට ලක්ව තිබුනේ වීරවිල නගරයෙන් පියාසැරිය ආරම්භ කළ ආවේක්ෂණ ගුවන් යානයක්.

එය කඩා වැටීමත් සමග ගිනිගෙන ඇති අතර , ගුවන් යානය කඩා වැටීම හේතුවෙන් හපුතලේ ප්‍රදේශයේ පදිංචිකාරිනියකටද තුවාල සිදුවී ඇයව හපුතලේ රෝහලට ඇතුලත් කර තිබේ.