FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ආයතනවලට නව වාහන ගෙන්වීම සීමා කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරි වසර තුනක කාලයක් ගතවන තුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලූතින්වාහන මිලදී ගැනීම සීමා කරන ලෙසට ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විටත් එම උපදෙස් සියලූම අමාත්‍යාංශ වෙත සහ රාජ්‍ය ආයතන වෙතජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී ඇත.

රජය විසින් මේ වනවිට අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන සතු වාහන සංචිත ගණනය කර ප්‍රතිඵලදායක ලෙස ඒවා කළමනාකරණයකර ගැනීමේ ක්‍රමවේදයක්ද ආරම්භ කර තිබේ.

අත්‍යවශ්‍ය කරුණකට පමණක් යම් ලෙසකින් රාජ්‍ය ආයතනයකට නව වාහනයක් අවශ්‍ය බවට යෝජනා වුවහොත් පිළිබඳවසොයා බලා එම ඉල්ලීම ඉටු කිරීමට නියමිතව ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.