FAST NEWS

24×7 Around the Globe

නිරෝගී ශුක්‍රාණු දන්දී ඇපල් අයි ‍ෆොන් දිනා ගැනීමට වරම්.

චීනයේ ශුක්‍රාණු බැංකු ඔවුන් වෙත පුරුෂයින් ආකර්ශණය කර ගැනීම සඳහා අපූරු ක්‍රමවේදයක් අනුගමනය කර තිබේ.

ඒ ශුක්‍රාණු ලබා දෙන්නන් සඳහා නවතම iPhone දුරකතනයක් මිලදී ගැනීමට හැකි වන තරම් මුදල් ප්‍රමාණයක් ඔවුන් වෙත පිරිනැමීමයි.

චීනයේ රෙන්ජි රෝහල නවතම iPhone 6 ස්මාට් ෆෝන් උපාංගය වෙත චීන පුරුෂයින් දක්වන ඇල්ම ප්‍රයෝජනයට ගනිමින් එරට පුරුෂයින් ශුක්‍රාණු දන් දීම සඳහා උනන්දු කරවීමට උත්සාහ කරයි.

iPhone දුරකතනයක් ලබා ගැනීමේ ආශාවෙන් වකුගඩු දන්දුන් අවස්ථාද ඔවුන් සිය ප්‍රචාරණ කටයුත්තෙදී යොදාගෙන ඇති අතර මෙම නව ක්‍රමය වඩාත් ඵලදායී බව පෙන්වා දෙයි.

iPhone දුරකතන කිහිපයක් ප්‍රදර්ශනය කරමින් නිර්මාණය කර ඇති එම දැන්වීමෙහි දක්වා ඇත්තේ සම්පූර්ණ සෞඛ්‍ය පරීක්ෂාව සමත් වී ශුක්‍රාණු ප්‍රදානය කරන පුරුෂයින්ට රෝහල වෙතින් යුවාන් 6,000 ( ඇමෙරිකානු ඩොලර් 940ක්) ලබා දෙන බවයි.එම මුදල නවතම iPhone 6 දුරකතනයක් මිලදී ගැනීමට ප්‍රමාණවත් වෙයි.

මෙම අපූරු ප්‍රචාරණ වැඩසටහන චීන සාමජ ජාල වෙබ් අඩවි අතර ජනප්‍රියත්වයට පත්වී ඇති අතර බොහෝදෙනා ඒ පිළිබඳව නොයෙකුත් විසුළු අදහස් ප්‍රකාශ කර තිබේ.