(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මස චීනය බලා මේ මාසයේදී පිටත්ව යෑමට නියමිත බව වාර්තා වෙයි.
ශ්රී ලංකාවට පැමිණි විශේෂ චීන තානාපතිවරයකු හරහා චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙසේ චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.
මෙම සංචාරයේදී දෙරටේ නායකයන් දෙදෙනා ආයෝජන, සංචාරක සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම යන කරුණු කිහිපයක් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.








