FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්විම අද(02) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්විමට නියමිත අතර මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභා නායකවරයා තෝරා ගැනිමට ද නියමිතව තිබේ.

රජයේ වැඩපිළිවෙල හා හෙට(03) දිනයේ ආම්භ වන පාර්ලිමේන්තු සැසිවාරය හා ඉදිරියට පාර්ලිමේන්තු කටයුතු පවත්වා ගෙන යන ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්විමද අද පස්රුවේ පැවැත්වේ.

එම රැස්වීම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.