FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවේ සහ විපක්ෂයේ තනතුරු පිළිබඳ අවසන් තීන්දුව අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (02) කතානායක කරූ ජයසූරිය වෙත , පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ තනතුරු පිළිබඳ අවසන් තීන්දුව දැනුම්දීමට නියමිතයි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය මහින්ද අමරවීරත් සභානායක ධූරය සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනත් යෝජනා වී ඇති බවයි වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වෙන ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ පිළිබඳව අවසන් තීන්දුව ගැනීමට නියමිතව ඇත.

අද පස්වරුවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වීමට නියමිතව ඇත.