(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුදල් අමාත්‍යාංශය විසින් මත්පැන් නිෂ්පාදනය සඳහා එතනෝල් ආනයනය අද (01) සිට වහාම අත්හිටුවීමට තීරණය කර තිබේ.
විෂයභාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නියෝගයකට අනුව මෙම තීරණය ක්‍රියාත්මක බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
දේශීය වශයෙන් එතනෝල් බහුලව නිෂ්පාදනය කිරීම ඊට හේතුවී ඇති බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.








