FAST NEWS

24×7 Around the Globe

ගජමුතු විකීණිමට තැත්කළ පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගජ මුතු ප්‍රවාහනය කරමින් සිටි 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කල්මුණේ ප්‍රදේශයේදී නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසිනි.

ලැබුණු තොරතුරකට අනුව ඊයේ සිදුකළ වැටලීමකදී ගජමුතු 5ක්  සමඟින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී ගජමුතු ප්‍රවාහනය කළ වෑන් රථයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.