FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෑලියගොඩ ප්‍රදේශයේදී කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් හෙරොයින් සහ අයිස් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කරන ආකාරයට සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 230ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1000ක් සොයාගෙන ඇත.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු පෑලියගොඩ පොලිස් ස්ථානයට භාර දී තිබේ.